පද වැලක නුවණැස - පස්වන දිගහැරුම
ගැහෙන නුරාවේ වෙලුනා රහසේ
රිදෙන දුමාරේ දැනුනා කී දේ
තුහින මකාලා වෙලුනා මාගේ
රැදෙන ලතාවේ තනි වී උන්නා වේ
සයනේ රටා රූ මැකේ
මහදේ සුරා මත් වෙලේ
මතකේ පුරා මා දැවේ
ඇයගේ දවා ලූ සෙනේ
මියුණ අතීතේ ඉඩ නෑ ආයේ
සිහින ඇසේවී වියැකී මාගේ
තනිව අසාවී හිස් ආකාසේ
ඇය ම සරාවී මනසේ මාගේ
ගිලිහෙනා කාරණා මියෙනවා සිත මගේ
වැරදෙනා කෙටි කතා මට සදා ගැති වෙලා
මම ම කී දේ.... මට ම පෑරේ
ඇති කියා... අහනවා
හැරලු ප්‍රේමේ.. යළි නොආයේ...
තනිවෙලා.... තැවෙනවා.....
පද රචනය - බුද්ධි සංදීප
ගායනය - චමෙල් ශාවින්ධ
තනු නිර්මාණය - චමෙල් ශාවින්ධ
මම විශේෂඥ වෛද්‍ය සහන් උඩවත්තේගම. නුඹට, මට, ඇයට, ඔහුට, අපි හැමෝට ම තියෙනවා අමතක කරන්නට තැත දරනසෑම නිමේෂයක් පාසා ම නැවත නැවතත් මතක චිතක දවා අවුළුවාලන සුළු කඳුළු කතාවක්. හැබැයි ආපහු හැරිලා බැලුවොතින්අපේ කඳුළු කතාවෙ අත්තිවාරම දාල තියෙන්නෙත් අපි ම තමයි!
පාසල් සමයේ මගේ සොඳුරු මිතුදම; අංජන බණ්ඩාර, දවසක් කුකුළත් අතින් අරගෙන ම මගේ වාට්ටුවට එනවා මනෝ වෛද්‍යඋපදේශනයක් තකා. ඔහු, අද ගංජා කොළයකට ජීවිතේ යට කරපු ඒත් එදා මුළු රටක් හඳුනන, නුවර කලාවියේ වැදගත් පවුලකවැදගත් පුත්‍ර රත්නයක්. වැදගත් පවුලක වුණාට සල්ලාල සෙල්ලක්කාරකම නම් අඩු නැතිව ඔහුට පිහිටල තිබුණා. දකින දකින මල්හිතුණු හිතුණු විටදි නෙළන්න පුරුදු වුණු මොහුට දවසක් අහම්බෙන් වගේ මුණගැහෙනවා; පංච කල්‍යාණයෙන් අනූන රූ සපුවකටඋරුමකම් කියන යශෝදරාවක් බඳු ගතිගුණවලින් හෙබි අහිංසක නමුත් උගත්කමින් අනූන ළෙංගතු හදවතක් ඇති සොඳුරුරුවැත්තියක්. ඔව්... ඔබ හිතුව දේ හරි. ඔවුන් දෙදෙනා ප්‍රේම ආලිංගනයට පෙරමඟ තබාලන්නේ ඔවුනටත් රහසේමයි. නමුත්මතකයි නේද මම කීවා; පුත්‍ර රත්නය හරි සෙල්ලක්කාරයි. ටික කලක් ගත වෙද්දි ඔහුට ඇගේ ආලයේ සීමාවන් අතික්‍රමණයකරන්නට අවැසි වෙනවා. පැකිලීමක් නෑ. "අවැසිනම් අතික්‍රමණය කරන්නට මගේ ආලයේ සීමාව, සඳළුතලෙන් බැස පලයන් සිටුපුතුනේ" කියල ඇයත් ඔහුට යන්නට ඉඩ හසර විවර කරනවා.
නමුත්,
"ගැහෙන නුරාවේ වෙලුනා රහසේ
රිදෙන දුමාරේ දැනුනා කී දේ
තුහින මකාලා වෙලුනා මාගේ
රැදෙන ලතාවේ තනි වී උන්නා වේ"
මේ කියන වදන් පෙළ ඔහුගේ මුවගේ නිරන්තරයෙන් ම රජයන්නට පටන් ගන්නේ ඇගේ මේ පැකිලීමකින් තොර වෙන්වීම හේතුකොටගෙනයි. අද ඈ ඔහුගේ ම ව්‍යාපාර ජාලයේ ප්‍රධාන හිමිකාරිනිය වන විට, සරල සුන්දර සැහැල්ලු දිවියකට උරුමකම් කියනවිට, ලස්සන කුරුලු කූඩුවක පුංචි කුරුලු පැටව් දෙන්නෙක්ගෙ මව් කිරිල්ලිය වන විට, ඔහු... ගංජා කොළය තැම්බීම තුළින් නැගෙනදුමාරයට යට වී එදා ඈ තෙපළු කෙළිලොල් පෙම් වදන් පුනරාවර්ජනය කරලමින් හඳ මෝදු වන යාමයේ මිහිදුම් තුහින පතිත වනමොහොතේ පටන් පසු දින අලුයම තුහින වියැකී යන තෙක් ම ඔහුගේ ම මතකවල සිරකරුවෙකු බවට පත් වෙමින්, නගාගෙනකඳුළක් අපාගත දිවියක් ගත කරන්නා වූ ආත්ම පරාජිතයෙකු වී හමාරයි.
"සයනේ රටා රූ මැකේ....
මහදේ සුරා මත් වෙලේ….
මතකේ පුරා මා දැවේ....
ඇයගේ දවා ලූ සෙනේ...."
ඈ මෙන් සැබෑ ප්‍රේමවන්තියෙකු ඔහුට ජීවිතයේ කිසිම දාක හමු වීලා ම නැතිලු. කැසිනෝවෙන් වොඩ්කා බෝතලයෙන් දවසගෙවාලන ඔහු නිදි සුවය යදිමින් සයනය කරා යන්නා වූ සෑම නිමේෂයක් පාසා ම සිහිනයක් මෙන් සිහියට නැගෙන්නේ ඈ උකුළේහිස හොවා ගෙවන ලද්දා වූ දින, සති, මාස පමණ ම ලු. මේ උභතෝකෝටික ගැටලුවට විසඳුමක් සොයා දෙන ලෙසයි ඔහු මගෙන්ඉල්ලා සිටින්නේ.
“මියුණ අතීතේ ඉඩ නෑ ආයේ
සිහින ඇසේවී වියැකී මාගේ
තනිව අසාවී හිස් ආකාසේ
ඇය ම සරාවී මනසේ මාගේ”
ගිලිහෙනා කාරණා මියෙනවා සිත මගේ
වැරදෙනා කෙටි කතා මට සදා ගැති වෙලා
මම ම කී දේ.... මට ම පෑරේ
ඇති කියා... අහනවා
හැරලු ප්‍රේමේ.. යළි නොආයේ...
තනිවෙලා.... තැවෙනවා....."
ඔහු මාත් සමඟ බෙදා ගත් ඒ කතාව හරි පුදුමාකාරයි. තෙවෙනි පාර්ශ්වයක් හේතු කරගෙන මඟ නවතාලූ ප්‍රේම අන්දරය හදවතේගැඹුරුත ම ස්ථානය ස්පර්ශ කරලූවක් බව ඔහුට තදින් ම දැනුනේ වෙන් ව ගිය ඈ දෙදරු මවක් ව සිය ස්වාමිපුරුෂයා සමඟ සාප්පුසවාරියක යෙදෙනු දුටු මොහොතේදී ලු. ඒ වන විටත් ඔහු එදා ඒ ප්‍රේමය නවතාලීමට හේතු කාරණා වූ තෙවෙනි පාර්ශ්වය අතහැරදමා ගිලිහුණා වූ ඈ පිළිබඳ පැවති මතක අතර චූදිතයෙකු වී අවසානයි ලු. විටින් විට පැවති සෙල්ලක්කාර කෙටි ආදර අන්දරහේතුවෙන් ඔහු කළ කී දේ ඔහුට ම පෑරී තිබෙනු නොවේදැයි ඔහු මගෙන් ප්‍රශ්න නගන්නේ මානසික රෝගියෙකු විලසින්...
එදා ඔහු අත්හරින ලද රුවැත්තියගේ ස්වාමිපුරුෂයා වන විශේෂඥ මනෝ වෛද්‍ය සහන් උඩවත්තේගම, මොහොතකට නිරුත්තරවූවාලු, අතකින් එකල මා ගජ මිතුරු අංජන බණ්ඩාරවත් අනෙක් අතින් මා ප්‍රිය පතිනි ෂෙරීන් උඩවත්තේගමත් හේතු කොටගෙන! හැරලූ ප්‍රේමේ නැවත යලි නොඑන වග මෙන් ම ඒ මත්තේ ම තැවි තැවී කල් ගත කරලීම ඵල රහිත බව අකමැත්තෙන් වුව පැවසියයුතුම ය. මන්ද එය මගේ වගකීම ය. ඉඳින්.... ඉතා දිගු සුසුමකට පසු, ඇරඹීමි මම, මගේ මනෝ වෛද්‍ය උපදේශනය, මුල සිට!
-ප්‍රමූ🤍
ඩී.ජී.ලෝචනා ප්‍රමුදි
Comments
Post a Comment