පද වැලක නුවණැස - දෙවන දිගහැරුම

 රෝස මලේ නටුවෙ කටූ

වන බඹරෝ ඔහොම හිටූ

නටුව නොවේ මල සිඹිමී

මම ළමයෝ පැණි උරමී


     මව් පිය දෙගුරුන් හෝ වේවා හෝඩියේ ගුරුතුමිය හෝ වේවා මුලින්  අපිට උගන්වපු අපිත් හරි ආසාවෙන් ඉගෙනගත්තු පුංචි අපේ පුංචි ලෝකෙ අපූරුවට පාට කරපු අපූරු පබැඳුමක් නේද මේමතකද  දවස්වල ඕන ම සභාවක් මැද මහ උජාරුවට ඉස්සරහට ම ගිහින් මේ පද හතර මහ සද්දෙන් ගායනා කරල හැමෝගෙ  අත්පොළසන් නාදය මැද්දෙන් මූණෙ හිනාවකුත් ඇඳගෙන  ඔබත් මමත් අපි හැමෝ  එදා  ඇවිදන් ආව විදිය?


     නිකමට එදා ඔබට හිතුණ  හුදෙක් රෝස මලකටබඹරෙකුට හා ළමයෙකුට පමණක් ගැබ් වී ඇත්තා වූ කතාන්දරයක් අභිභවා ගිය හරි අපූරුමනස්කාන්තවිස්මයජනක යටගියාවක් මේ වාග් සුසංයෝගය ඇතුළෙ කැටි වෙලා තියනව කියලහිතුණත් නැතත් කියවලා බලන්න හිතුණේ ඔබටත් මට හිතුණු  දේම  කියා...


     “රෝස මලක්මලට නටුවක්නටුවට කටු ගොඩක්මලෙන් පැණි බොන්නට එන බඹරෙක්බඹරාගේ බුද්ධි ඵලය අභිභවූ ශ්‍රේෂ්ඨ මනසක් හෙබි මනුසත් ‘ළමයෙක්’! ළමයාගෙන් බඹරාට අවවාදයක්අවවාදය පසෙක ලා ආශා සිත් සුවපත් කරලනු වස් මල ද සි පැණි  උරා බොන පෙර කී බඹරා!” මතුපිට අර්ථය යට කී අන්දමින් ස්පර්ශ කරලන සඳ මම ඔබට මෙසේ ලියන්නම්...


     රෝස මල හරි සෞම්‍යයිමම දැකපු ‘මල් ලෝකෙ’ මට හම්බෙලා තියන ලස්සන  මලක්හරි  සුවඳවත්අහල පහලක හිටගෙන හිටියත් නාස් පුඩු උත්තේජනය කරන්නට තරම්  සුවඳ ප්‍රබලයිපැණි පිරිල තියනවලු මේ රෝස මලේහැබැයි පැණි උරන එකත් ලේසි නෑලුපුංචි පුංචි පෙති රාශියකින් පිරිල තියනවලු මේ මල කොහොම වුණත්පිටත ලෝකයට නිරාවරණය වෙලා තියන ලස්සනසෞම්‍ය බවසුවඳ කියන මේ හැමදේ ම ඇතුළෙ හැංගුණු රුදුරු බවක්නපුරුකමක්කඨෝර බවක් ගැබ්වෙලා තියනවා කියලඅර පළවෙනි පදෙන්  කවි කථකයා පාඨක අපිට පෙන්වල තියෙන්නෙ, “රෝස මලේ නටුවෙ කටූ” කියලාමොකද මලයි නටුවයි දෙකක් නෙවෙයිනෙඑක  ගහෙන් එකට  එන බද්ධ වුණු දෙයක්නෙනේදමම මේ නටුවෙ කටු පිරුණු රෝස මලසුගන්ධිත බව 50%ක්  දුර්ගන්ධිත බව 50%ක්  විදියට විහිදිලා ගියපු කාන්තාවකට ආරෝපණය කරන්නෙ අන්න ඒ නිසයි.


දෙවනි පදෙන් තමයි උසස් මනසක් හිමි මනුසත් ළමයා “වන බඹරෝ ඔහොම හිටූ” කියල අවවාදාත්මක අණ කිරීමක් කරන්නෙකවුද මේ අණ කිරීම කරන්නෙළමයෙක්කාටද අණ කරන්නෙවන බඹරාටනිකන්  බඹරෙක්  මේනෑ... “වන” බඹරෙක්මේ වන බඹරා කවුද කියන එක ඔබ දැනටමත් හිතාගෙන ඉන්නවා වෙන්නට පුළුවන්නමුත් මෙතන ළමයෙකුගේ වේෂයෙන් ඔබ ඉදිරියට එන්නේ කවුරුන් මගේ දැක්මට අනුව ළමයා කියන්නෙ අත්දැකීම් විරල චරිතයක්තව දුරටත් ජීවිතය පිළිබද බොහෝ දෑ හැදෑරිය යුතු අයෙක්නමුත් තමා දන්නා දෙයින් සමස්ථය පිළිබද නිගමනයකට එළඹීමට තැත දරන්නෙක්ඉතිං... සංසාර ගමන තුළ බුදුරදුන් හැරුණු කොට ඉපදී මැරෙනමැරී යළි ඉපදෙන ඔබත් මමත් ඇයත් ඔහුත් මේ පෘතග්ජන සියල්ලෝ  මම නම් දකින්නෙ තව දුරටත් ‘ළමයි’ විදියටහැබැයිවන බඹරාට එහා ගිය පරිණත බුද්ධියක්අත්දැකීම් සමුදායක් මේ ළමයට තියනවා කියන එක මෙතැනදි අපි තේරුම් ගන්න ඕන නිසයි මම මේ ‘වන බඹරා’ තුළින් තවමත් සමාජය පිළිබද මනා අවබෝධයක් නොමැතිමද කිපුණුහිතුවක්කාරසෙල්ලක්කාරදකින දකින මල්වල සුවඳ බලන්නට යනව්‍යවහාර භාෂාවට අනුව ‘ඇටෙන් පොත්තෙන් එළියට එන්නට තැත දරණ’ තරුණයෙක්  දකින්නේ.


තුන්වෙනි සහ හතරවෙනි පද ද්විත්වයේ එන “නටුව නොවෙයි මල සිඹිමී - මම ළමයෝ පැණි උරමී” කියන පද ගැළපුම තුළින් කවි කථකයා අපිට හිතන්නට යමක් ශේෂ කරල යන්නට ගිහින් තියෙනවාතාරුණ්‍යයේ රස සුවද ස්පර්ශ කරලන ශෘංගාරාත්මක තරුණ සිත ‘තමා තරමට සමාජය පිළිබද අන් කිසිවෙකුත් දන්නේ  නැත.’ යන ස්ථාවරත්වය තුළ ලැගුම් ගෙන “මට නටුවෙන් මොනවා වෙන්නදමම ඉඹින්නේ මලමම උරන්නේ පැණි” කියලසමාජය පිළිබද අත්දැකීම් බහුල චරිත වෙත උසුළු විසුළුහිතුවක්කාර බැල්මක් හෙලන සේයාවක් තමයි මගේ නෙතට නම් මෙතැනදි හසු වුණේතරුණ ජවය ලේ වලට කා වැදිල තියෙද්දි තරුණයා හිතන්නෙ “මම තමයි ශක්තිමතාමම තමයි බුද්ධිමතා” කියලඑහෙම හිතල කරන කියන සමහර දේවලින් තමා කෙලෙසවාගන්නේ තමාව   කියන දේ ඔහුට හිතන්නේ  නැති තරම්අන්න  නිසයි කවි කථකයා මෙතනදි මේ තරුණයා විසින් රෝස මල නොහොත් කාන්තාව හාදු වැසිවලින් පුරවාලන අන්දමත් ඉන් ඔබ්බට ගිහින් ලිංගික සංසර්ගයක යෙදෙන අන්දමත් පිළිබද චිත්‍රයක් පාඨක අපේ මනස තුළ මවාලන්නේ


මතක  මම මුලින් කිව්වාකවි කථකයා යන්නෙ නොවිසදුණු පැනයක් ඉතුරු කරලා  කියලාඔව්අන්තිමට ඔහු යනවාඒ යන්නේ; “ළමයාගේ බස නාසා වන බඹරා පැණි උරා බොනු ලැබූ මල තුළ නටුවේ පැවති විෂ අල්පයක් හෝ තිබුණහොත් සිදු වන්නේ කුමක් ?” යන විශ්මයාර්ථ ප්‍රශ්නාර්ථය පාඨක මනස තුළ ශේෂ කරමින්...


ඉතිං...

රෝස මලේ නටුවෙ කටූ...”

සරල වචන සමූහයක් තුළින් අපූරු හැංගිමුත්තු සෙල්ලමක්!


-ප්‍රමූ🤍

ඩී.ජී.ලෝචනා ප්‍රමුදි

Comments

  1. ආයේ කියන්න දෙයක් නෑ නංගා ලස්සනම ලස්සනයි👌🤩😍😘

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කා🙏🏻❤️

      Delete
  2. ඒකනම් හරිම නියමයි ලෝචි.... හරිම ලස්සනයි...
    ❤️❤️❤️❤️❤️

    ReplyDelete
  3. Visistai, newatha newathath kiyaviya heka.etharamma lassanai.

    ReplyDelete
  4. Visistai, newatha newathath kiyaviya heka.etharamma lassanai.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. හරිම ලස්සනයි නංගි.. මේ කවියේ මිනිස්සු නොහිතන පැත්තක් ඔයා ලස්සනට විග්‍රහ කරලා තියනවා.. තව තවත් විශිෂ්ට නිර්මාණ කරන්න ඔයාට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..ජය ම වේවා!!! ❤️💪

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ🙏🏻❤️

      Delete
  7. රෝස මලත් සමනලයත් අපි හරි ආදරය කරන යුගලයක්.හරිම සෞම්‍යයි.ලස්සනයි. සිත් ඇද ගන්නා සුළුයි.නමුත් කිසිම දෙයක් පිටතින් බලා පූර්ණ නිගමනයකට යා නොහැකි බව දුවේ නුඹ , වටහා ගත්තේ නම් ලෝකය දැකීමට මසැසින් නොව මනසින් දැකීමට අල්පයක් හෝ ඔබට හැකි වේවි.

    ReplyDelete
  8. ඉගැන්වූයේ එය නුඹයි. සදා ණයගැතියි. ස්තුතියි අම්මේ🙏🏻❤️

    ReplyDelete
  9. Replies
    1. ස්තුතියි අයියේ 🙏🏻❤️

      Delete

Post a Comment