පද වැලක නුවණැස - දෙවන දිගහැරුම
“රෝස මලේ නටුවෙ කටූ
වන බඹරෝ ඔහොම හිටූ
නටුව නොවේ මල සිඹිමී
මම ළමයෝ පැණි උරමී”
මව් පිය දෙගුරුන් හෝ වේවා හෝඩියේ ගුරුතුමිය හෝ වේවා මුලින් ම අපිට උගන්වපු අපිත් හරි ආසාවෙන් ඉගෙනගත්තු පුංචි අපේ පුංචි ලෝකෙ අපූරුවට පාට කරපු අපූරු පබැඳුමක් නේද මේ? මතකද ඒ දවස්වල ඕන ම සභාවක් මැද මහ උජාරුවට ඉස්සරහට ම ගිහින් මේ පද හතර මහ සද්දෙන් ගායනා කරල හැමෝගෙ ම අත්පොළසන් නාදය මැද්දෙන් මූණෙ හිනාවකුත් ඇඳගෙන ම ඔබත් මමත් අපි හැමෝ ම එදා ඒ ඇවිදන් ආව විදිය?
නිකමට එදා ඔබට හිතුණ ද හුදෙක් රෝස මලකට, බඹරෙකුට හා ළමයෙකුට පමණක් ගැබ් වී ඇත්තා වූ කතාන්දරයක් අභිභවා ගිය හරි අපූරු, මනස්කාන්ත, විස්මයජනක යටගියාවක් මේ වාග් සුසංයෝගය ඇතුළෙ කැටි වෙලා තියනව කියල? හිතුණත් නැතත් කියවලා බලන්න හිතුණේ ඔබටත් මට හිතුණු ඒ දේම ද කියා...
“රෝස මලක්! මලට නටුවක්! නටුවට කටු ගොඩක්! මලෙන් පැණි බොන්නට එන බඹරෙක්! බඹරාගේ බුද්ධි ඵලය අභිභවූ ශ්‍රේෂ්ඨ මනසක් හෙබි මනුසත් ‘ළමයෙක්’! ළමයාගෙන් බඹරාට අවවාදයක්! අවවාදය පසෙක ලා ආශා සිත් සුවපත් කරලනු වස් මල ද සිප පැණි ද උරා බොන පෙර කී බඹරා!” මතුපිට අර්ථය යට කී අන්දමින් ස්පර්ශ කරලන සඳ මම ඔබට මෙසේ ලියන්නම්...
රෝස මල හරි සෞම්‍යයි. මම දැකපු ‘මල් ලෝකෙ’ මට හම්බෙලා තියන ලස්සන ම මලක්. හරි ම සුවඳවත්. අහල පහලක හිටගෙන හිටියත් නාස් පුඩු උත්තේජනය කරන්නට තරම් ඒ සුවඳ ප්‍රබලයි. පැණි පිරිල තියනවලු මේ රෝස මලේ. හැබැයි පැණි උරන එකත් ලේසි නෑලු. පුංචි පුංචි පෙති රාශියකින් පිරිල තියනවලු මේ මල. ඒ කොහොම වුණත්, පිටත ලෝකයට නිරාවරණය වෙලා තියන ලස්සන, සෞම්‍ය බව, සුවඳ කියන මේ හැමදේ ම ඇතුළෙ හැංගුණු රුදුරු බවක්, නපුරුකමක්, කඨෝර බවක් ගැබ්වෙලා තියනවා කියල, අර පළවෙනි පදෙන් ම කවි කථකයා පාඨක අපිට පෙන්වල තියෙන්නෙ, “රෝස මලේ නටුවෙ කටූ” කියලා. මොකද මලයි නටුවයි දෙකක් නෙවෙයිනෙ. එක ම ගහෙන් එකට ම එන බද්ධ වුණු දෙයක්නෙ. නේද? මම මේ නටුවෙ කටු පිරුණු රෝස මල, සුගන්ධිත බව 50%ක් ද දුර්ගන්ධිත බව 50%ක් ද විදියට විහිදිලා ගියපු කාන්තාවකට ආරෝපණය කරන්නෙ අන්න ඒ නිසයි.
දෙවනි පදෙන් තමයි උසස් මනසක් හිමි මනුසත් ළමයා “වන බඹරෝ ඔහොම හිටූ” කියල අවවාදාත්මක අණ කිරීමක් කරන්නෙ. කවුද මේ අණ කිරීම කරන්නෙ? ළමයෙක්. කාටද අණ කරන්නෙ? වන බඹරාට. නිකන් ම බඹරෙක් ද මේ? නෑ... “වන” බඹරෙක්. මේ වන බඹරා කවුද කියන එක ඔබ දැනටමත් හිතාගෙන ඉන්නවා වෙන්නට පුළුවන්. නමුත් මෙතන ළමයෙකුගේ වේෂයෙන් ඔබ ඉදිරියට එන්නේ කවුරුන් ද? මගේ දැක්මට අනුව ළමයා කියන්නෙ අත්දැකීම් විරල චරිතයක්. තව දුරටත් ජීවිතය පිළිබද බොහෝ දෑ හැදෑරිය යුතු අයෙක්. නමුත් තමා දන්නා දෙයින් සමස්ථය පිළිබද නිගමනයකට එළඹීමට තැත දරන්නෙක්. ඉතිං... සංසාර ගමන තුළ බුදුරදුන් හැරුණු කොට ඉපදී මැරෙන, මැරී යළි ඉපදෙන ඔබත් මමත් ඇයත් ඔහුත් මේ පෘතග්ජන සියල්ලෝ ම මම නම් දකින්නෙ තව දුරටත් ‘ළමයි’ විදියට. හැබැයි; වන බඹරාට එහා ගිය පරිණත බුද්ධියක්, අත්දැකීම් සමුදායක් මේ ළමයට තියනවා කියන එක මෙතැනදි අපි තේරුම් ගන්න ඕන. ඒ නිසයි මම මේ ‘වන බඹරා’ තුළින් තවමත් සමාජය පිළිබද මනා අවබෝධයක් නොමැති, මද කිපුණු, හිතුවක්කාර, සෙල්ලක්කාර, දකින දකින මල්වල සුවඳ බලන්නට යන, ව්‍යවහාර භාෂාවට අනුව ‘ඇටෙන් පොත්තෙන් එළියට එන්නට තැත දරණ’ තරුණයෙක් ව දකින්නේ.
තුන්වෙනි සහ හතරවෙනි පද ද්විත්වයේ එන “නටුව නොවෙයි මල සිඹිමී - මම ළමයෝ පැණි උරමී” කියන පද ගැළපුම තුළින් කවි කථකයා අපිට හිතන්නට යමක් ශේෂ කරල යන්නට ගිහින් තියෙනවා. තාරුණ්‍යයේ රස සුවද ස්පර්ශ කරලන ශෘංගාරාත්මක තරුණ සිත ‘තමා තරමට සමාජය පිළිබද අන් කිසිවෙකුත් දන්නේ ම නැත.’ යන ස්ථාවරත්වය තුළ ලැගුම් ගෙන “මට නටුවෙන් මොනවා වෙන්නද? මම ඉඹින්නේ මල. මම උරන්නේ පැණි” කියල, සමාජය පිළිබද අත්දැකීම් බහුල චරිත වෙත උසුළු විසුළු, හිතුවක්කාර බැල්මක් හෙලන සේයාවක් තමයි මගේ නෙතට නම් මෙතැනදි හසු වුණේ. තරුණ ජවය ලේ වලට කා වැදිල තියෙද්දි තරුණයා හිතන්නෙ “මම තමයි ශක්තිමතා. මම තමයි බුද්ධිමතා” කියල. එහෙම හිතල කරන කියන සමහර දේවලින් තමා කෙලෙසවාගන්නේ තමාව ම ය කියන දේ ඔහුට හිතන්නේ ම නැති තරම්. අන්න ඒ නිසයි කවි කථකයා මෙතනදි මේ තරුණයා විසින් රෝස මල නොහොත් කාන්තාව හාදු වැසිවලින් පුරවාලන අන්දමත් ඉන් ඔබ්බට ගිහින් ලිංගික සංසර්ගයක යෙදෙන අන්දමත් පිළිබද චිත්‍රයක් පාඨක අපේ මනස තුළ මවාලන්නේ.
මතක ද මම මුලින් කිව්වා; කවි කථකයා යන්නෙ නොවිසදුණු පැනයක් ඉතුරු කරලා ය කියලා. ඔව්. අන්තිමට ඔහු යනවා; ඒ යන්නේ; “ළමයාගේ බස නාසා වන බඹරා පැණි උරා බොනු ලැබූ මල තුළ නටුවේ පැවති විෂ අල්පයක් හෝ තිබුණහොත් සිදු වන්නේ කුමක් ද?” යන විශ්මයාර්ථ ප්‍රශ්නාර්ථය පාඨක මනස තුළ ශේෂ කරමින්...
ඉතිං...
“රෝස මලේ නටුවෙ කටූ...”
සරල වචන සමූහයක් තුළින් අපූරු හැංගිමුත්තු සෙල්ලමක්!
-ප්‍රමූ🤍
ඩී.ජී.ලෝචනා ප්‍රමුදි
ආයේ කියන්න දෙයක් නෑ නංගා ලස්සනම ලස්සනයි👌🤩😍😘
ReplyDeleteස්තුතියි අක්කා🙏🏻❤️
Deleteඒකනම් හරිම නියමයි ලෝචි.... හරිම ලස්සනයි...
ReplyDelete❤️❤️❤️❤️❤️
ස්තූතියි🙏🏻❤️
DeleteVisistai, newatha newathath kiyaviya heka.etharamma lassanai.
ReplyDeleteස්තුතියි🙏🏻❤️
DeleteVisistai, newatha newathath kiyaviya heka.etharamma lassanai.
ReplyDeleteස්තුතියි🙏🏻❤️
Deleteස්තුතියි🙏🏻❤️
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහරිම ලස්සනයි නංගි.. මේ කවියේ මිනිස්සු නොහිතන පැත්තක් ඔයා ලස්සනට විග්රහ කරලා තියනවා.. තව තවත් විශිෂ්ට නිර්මාණ කරන්න ඔයාට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..ජය ම වේවා!!! ❤️💪
ReplyDeleteස්තුතියි අයියේ🙏🏻❤️
Deleteරෝස මලත් සමනලයත් අපි හරි ආදරය කරන යුගලයක්.හරිම සෞම්‍යයි.ලස්සනයි. සිත් ඇද ගන්නා සුළුයි.නමුත් කිසිම දෙයක් පිටතින් බලා පූර්ණ නිගමනයකට යා නොහැකි බව දුවේ නුඹ , වටහා ගත්තේ නම් ලෝකය දැකීමට මසැසින් නොව මනසින් දැකීමට අල්පයක් හෝ ඔබට හැකි වේවි.
ReplyDeleteඉගැන්වූයේ එය නුඹයි. සදා ණයගැතියි. ස්තුතියි අම්මේ🙏🏻❤️
ReplyDeleteniyamai aka👌
ReplyDeleteස්තුතියි🙏🏻❤️
Delete❤️❤️❤️
ReplyDeleteස්තුතියි අයියේ 🙏🏻❤️
Delete