පද වැලක නුවණැස - තෙවන දිගහැරුම
ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ
පායන්න දෑස මානේ - උණුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානේ - මේ හිත ම සුන්දරී
දිගු දෑසෙ බැල්ම ඔබගේ - ඇයි සොඳුරු ඔය හැටී
ඇස් පියෙන් ඇදී කෑලි කැපෙන රළු රාත්‍රියේ
කීරි ගැසෙන හිත අනුහස අයදී ප්‍රේමයේ
එය පමණක් ශේෂය වී නම් පූර්වාත්මයේ
ඔබ ගැවසෙන මා සිත අවිනීතයි
අවනත නැති නෙතටද අවිවේකයි
හුදෙකලාව අවනඩුවක් ගෑනු ළමයෝ
ඉටි රූපෙ අපුරුව විඳින්න මං හරි ආසයි
පින්තූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි
අහිතක් හිතන්නෙ නැතිනම් මං හරි ආදරෙයි
කියාගන්න බැරිකමින් හිත බරයි
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
හුදෙකලාව අවනඩුවක් ගෑනු ළමයෝ
පද රචනය - කැලුම් ශ්‍රීමාල්
සංගීතය - සංගීත් වික්‍රමසිංහ
ගායනය - අමරසිරි පීරිස්
කැමතිනම් එක තත්පරයක් නැවතිලා මේක කියවලා යන්න...
මේ සින්දුව දිහා ගොඩක් අය දකින්නෙ ආදරවන්තයෙක් ආදරවන්තියක් අතර පවත්නා ආදර අන්දරයකට මුල් ගල තැබීමක් විදියට. සමහරවිට ඒ අමරසිරි පීරිස් සූරීන්ගේ කටහඬ නිසා වෙන්න ඇති.
ඒත් ඇත්තට ම මේ සින්දුවෙ පද වැල ස්ත්‍රී කටහඩකට ගැළපෙන්නේ නැති ද? ඔයා නෑ කියලනම් කියන්නෙ මම කීයටවත් ඔයත් එක්ක එකඟ වෙන්නෙ නෑ. දැන් ඔයා හිතයි; එහෙනම් ඉතිං සමලිංගික සම්බන්ධයක් තමයි කියලා. නෑ ඒකත් නෙවෙයි.
පොඩ්ඩක් හිතන්න, අලුත දීග යන කාන්තාවක් උතුම් මව් පදවිය ලබනවා. ඒ, හදිස්සියේ ම වගේ හමුවුණු ඇපල් මලක් වගේ ලස්සන ගින්දර බැල්මක් තියන දිග ඇස්වලට උරුමකම් කියන ලස්සන පුංචි දූ පැටික්කියකගෙන්.
චූටි දූට දවල් රෑ වෙනසක් නෑ. අත් පා එහෙ මෙහෙ විසි කරනවා. ඇස් පියෙන් ඇදී කෑලි කැපෙන රළු රාත්‍රියෙත් වෙලාවක් අවේලාවක් නැතුව ම සුළුදිය කරගන්නවා. රෑ ජාමෙ නින්ද යාගෙන එන හෝරාවේ නින්ද පැත්තකට විසි කරන අම්මා ඈව සෝදනවා. ලස්සන කරනවා. ඈව දකින දකින වාරයක් පාසා දාරක ප්‍රේමයේ නාමයෙන් හදවත නැවතිලා කීරි ගැහෙනවා. ආදරේ තව තවත් වැඩි වෙනවා. ඒක හරියට ආත්මගත බැඳීමක් වගේ. එක මොහොතකවත් දූ නැතිව අම්මාට ඉන්න බෑ. දූ නින්දට ගියා ම අම්මා කල්පනා කරනවා; “මයෙ දුවේ, මායි තාත්තයි නැති දවසක උඹට බෑ මේ කුරිරු ලෝකෙ තනියම ඉන්න. හුදෙකලාව හරි අවනඩුවක්. මම උඹේ ආරක්ෂාවට ඉක්මනට ම මල්ලි බබෙක් අරගන එන්නම් උඹට” කියලා.
ඉටි රූපෙ වගේ ඉන්න චූටි දූ පින්තූරෙ වගේ හිනාවෙද්දි මේ අම්මා, තමන්ගෙ ජීවිතේ පළවෙනි වතාවට අත්විඳින මේ සොඳුරුඅත්දැකීමට ලෝබ කරනවා. “දෙවියො උඹව කොහේ හංගන් ඉඳලා මට තෑගි කළා ද දන්නැහැ. හෙට උඹ උඹේ ලෝකෙ හදාගන්න තටු ගහල ඉගිලෙද්දි කාගේ කොහොම වෙයි ද දන්නැහැ. ඒත්, අහිතක් හිතන්නෙපා කවදාවත්... මගෙ පණ කෙන්ද තියනකල් මම උඹට හරි ආදරෙයි මගෙ පැටියෝ.” බහ නොතේරෙන පුංචි දෝණියන්දැට මේ වචන ටික හයියෙන් කෑ ගහල කියාගන්න බැරි කමින් අම්මගෙ හිත ඇතුළෙ ගැඹුරුතම ස්ථානයට වෙලා මේ වචන මහ සද්දෙට දෝංකාර දෙනවා.
ඉතිං, එහෙනම්, එකඟ ද ඔබ මාත් සමඟ, පුංචි දුවෙක් ව නළවන අම්මා කෙනෙකුගෙ හැඟීම්බර කාන්තා කටහඬට මේ සිංදුව සුයෝග්ය බවට?
-ප්‍රමූ🤍
ඩී.ජී.ලෝචනා ප්‍රමුදි
♥️♥️♥️
ReplyDeleteස්තුතියි💞
DeleteThis comment has been removed by the author.
ReplyDeleteස්තුතියි💞
Delete❤️❤️❤️❤️
ReplyDeleteස්තුතියි 💞
Delete🌝❤️🌝
ReplyDeleteස්තුතියි 💞
Deleteඕනෑම දෙයක් විවිධ පැතිකඩවල්වලින් දකින්න පුලුවන්............සුන්දර පැතිකඩක් ❤
ReplyDeleteස්තුතියි 💞
Delete❤️💪
ReplyDeleteස්තුතියි 💞
DeleteWow !! 😍🤩The way you emphasize the hidden meaning is admirable.😍😍 Willing to see more from you!!! 🤩
ReplyDeleteThank you 💞
DeleteGood luck lotto❤️😘
ReplyDeleteස්තුතියි 💞
DeleteNiyamai lochi
ReplyDeleteස්තුතියි 💞
Deleteඑකගයි...😌♥️
ReplyDeleteපිස්සි😂 ස්තුතියි💞
Deleteහරිම ලස්සනයි නංගී🤩අපි හිතන් නෙවත් නැති පැතිකඩක් අරං රසමවනවට❤️තවත් ඔයාගේ නිර්මාණයක් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා🤗ජයෙන් ජය නංගී🙏🙏
ReplyDeleteස්තුතියි අක්කේ 💞
Delete