පද වැලක නුවණැස - පළමු දිගහැරුම

පුංචි බලු රාළේ - මා ගෙදර නැති වේලේ

කවුද මගෙ බෝලේ - පෙරළ පෙරළා හිටියෙ මිදුලේ”


     පොඩි කාලෙ නු වගේ  මමත් මම වගේ  නුඹත් අපි හැමෝ  මේ පද හතර කිය කියා ගේ දෙක වෙන්න කෑ ගහල ඇතිඑදා තමන් ගෙදර නැති වෙලේක තමන්ගෙ බෝලෙත් අරගෙන මිදුලෙ නටපු පුංචි බලු රාළට අපි මේ පද හතර ආමන්ත්‍රණය කරන්නට ඇති.


      ඒත් අද! නුඹ මේ පද හතර දකින්නෙ මොන කෝණෙන් ? නුඹ මේ පද හතරට දෙන්නෙ මොන වගේ වටිනාකමක් කවද ම හරි මේ විදියටත් හිතල තියනවද? නුඹේ වටිනා වෙලාවෙන් අරික්කාලක් වෙන් කරල කියවල බලන්න...


      ස්වාමිපුරුෂයා’ සහ ‘භාර්යාව’; හුදු අර්ථහීන වචන දෙකක් පමණක්  නම් නෙවෙයිසංස්කෘතියට මහා වටිනාකමක් ආරෝපණය කරල තියන ආසියාකරයේවිවාහය කියන්නෙ කටු ගාන්න පුළුවන් ලියවිල්ලකට සීමා නොවූඕනම කෙනෙක්ගෙ ජීවිතේ තවත් එක වැදගත් සංධිස්ථානයක්මේ විදියට විවාහ ජීවිතේ ගත කරන පවුලකදවසක් පුංචි සාදයක් සංවිධානය කරනවා... ස්වාමිපුරුෂයාගේ මිතුරු කැළ වෙතස්වාමිපුරුෂයාටත් වැඩි වෙනසක් දැනෙන්නෙ නෑ... තමන්ට වඩා ටිකක් වයසින් බාලතමන් ළගින් ම ඉන්න මිතුරෙක්භාර්යාවට ටිකක් සමීප වෙනවාසංස්කෘතියසම්ප්‍රදායවිවාහය කියන මේ වචන කොයි තරම් නිසංසල වුණත් මිනිස් හිත හරි චංචලයිඒක තමයි ලෝක සත්‍යය!


      කාලය ඔහොම ඉගිලෙනවාටික දවසකට පස්සෙ උදා වෙච්චි එක්තරා දවසකස්වාමිපුරුෂයා රැකියාවට ගිහින් එනවාගෙදරට අඩිය තියද්දි ඔහුට පොඩි අමුත්තක් නොදැනුනාමත් නෙවෙයිවෙනද තමන් එන වෙලාවට බුලත් හෙප්පුවත් අරගෙන ම තමන්ව පිළිගන්න එන බිරිදට අද මහා ලොකු හිසේ රුදාවක්බෙහෙත් ගන්න ඇහුවම  ඕනෙත් නෑලුටිකක් ළං වෙලා නළලට අත තියන්න යද්දිස්වාමිපුරුෂයා දකිනවාබිරිදගෙ ගෙල වටා තැනින් තැන රත් පැහැ ගැන්විලාතවත් තැන්වල නිය පහරවල්මේ ඉවසිලිවන්ත ස්වාමිපුරුෂයා වෙනසක් නොපෙන්වා බිරිදට බෙහෙත් පෙති දෙකකින් සංග්‍රහ කරලඇගේ දුරකතනයත් අරගෙන ටිකක් ඈතට යනවාඈට නොදැනෙන විලසටඔහු දකිනවා අන්තිම ඇමතුම් හය  තමන්ගෙ පෙර කී මිතුරගෙන් බවසිද්ධ වුණු දේ නොතේරෙන්න තරම් අන්ධයෙක්ගොළුවෙක්බිහිරෙක් නෙවෙයිනෙ මොහු වුණත්මොහු දන්නවා මේ රාමුගත සම්ප්‍රදායන්ට හිරවුණු සමාජය ඇතුළෙතැලි තියල රජ ඇඳුම් ඇදල පෝරුවෙ නැගලාමඟුල් කඩදාසියකුත් මුළු ලෝකෙටම පේන්න අත්සන් කළාට පස්සෙ කඩදාසිය කටු ගාන එක හිතන තරම් ලේසි නැති වග.


      ඉතිං මේ අපූරු ස්වාමිපුරුෂයා මොකද දන්නවද කරන්නේ? “බල්ලෝ... මම රාස්සාවට ගිය ටිකට උඹ මගෙ ගෑනිත් එක්ක මොන නාඩගමක් ද නැටුවේබැඳපු ගෑනියෙකුගෙ ගෙමිදුලට ගොඩ වදිනව නොදකියි ද රටේ උන්?” කියන ප්‍රශ්නෙ තමන්ගෙ මිතුරට ඇමතුමක් අරගෙන මෙන්න මේ විදියට ප්‍රශ්න නගනවා;


පුංචි බලු රාළේ - මා ගෙදර නැති වේලේ

කවුද මගෙ බෝලේ - පෙරළ පෙරළා හිටියෙ මිදුලේ


-ප්‍රමූ🤍

ඩී.ජී. ලෝචනා ප්‍රමුදි

Comments

  1. පළවෙනි නිර්මාණය මේම ලස්සන නම් ඉස්සරහට තව කොච්චර ලස්සන නිර්මාණ අපට කියවන්න ලැබෙයිද කෙල්ල🤩හරිම ලස්සනයි..ඒ වචන👌👌 තවත් මේම ලස්සනට ලියන්න ලැබෙන්න ඕන ඔයාට🙏❤️😍😘

    ReplyDelete
    Replies
    1. ස්තූතියි 🙏🏻❤️

      Delete
    2. Marama lssnai lotto me wge adhs khoma enwd mtnm hitgnn ba ❤️❤️💕💕issrht thw thwth me wge lssna nirmana krnn lbenn kiyl mn wish krnw 😚😚issrhtm yn kella💞💞😘😘😋😋

      Delete
    3. ස්තූතියි 🙏🏻❤️

      Delete
    4. ස්තූතියි 🙏🏻❤️

      Delete
    5. ස්තූතියි 🙏🏻❤️

      Delete
    6. ස්තූතියි 🙏🏻❤️

      Delete
  2. මාරම ලස්සනයි Lotto😍😍😍

    ReplyDelete
  3. Welldone lotto😍😍😘♥️

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Supiri lotto💪❤.isaarahatath me wge lassan nirmana karann oyat puluwn wenn kiyala mn hadawathinm prarthana karanawa.💕

    ReplyDelete
  6. Eka aththatama hithata wadina aththak.❤️

    ReplyDelete
  7. කියන්න වචන නෑ ලෝටා... ඔයා අයේ ඇවිත් අනාගත brand එකක්. Legend කෙනෙක්.. 💕💫🍃

    ReplyDelete
    Replies
    1. චරී... ස්තූතියි කෙල්ල🥺🙏🏻❤️

      Delete
  8. ලේඛකයකු බිහිවන්නේ කලාතුරකින්! ලේඛකයා කලාකාරයකු වන්නේ තවත් කලාතුරකින්!
    කලාකාමී රසකාමී කලාකරුවෙක් ලේඛකයකු වූ විට, ලෝ දනා හට රසමසවුළු ලැබුණා හා සමාන වේ.
    ආදරණීය දුව,
    ඔබේ ගමනට සුබාසිරි!
    ලෝකයක් දිනන්නට ආශිර්වාදය ලැබේවා!
    🙌🏻💫

    ReplyDelete
    Replies
    1. වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. මගේ ලොව මට හමු වූ ගුරු දේවයිනි, දිවි මග එකළු කරගැන්මට දිරියක්ය නුඹ මට නිබදවම... ස්තූතියි නුඹට! 🥺🙏🏻❤️

      Delete
  9. එකම කවිය ජිවිතයෙ අවස්ථා දෙකකදි හරි අපුරැවට ගැලපුනා.හරි ආසවෙනි කියෙව්වා.ඒක මර ැ

    ReplyDelete
  10. සොදුරුය❤️ එදිරීවීර සරත්චන්ද්‍ර තම භාර්‍යාව ගිය කල කඩු කිනිසි ගෙන ගියේනම් අද සිංහබාහුත් නැත මනමේත් නැත, අනාගත සරත්චන්ද්‍ර දුවනියක වීමට සුබපැතුම් ලෝචනා ❤️

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නුඹට🙏🏻❤️

      Delete
  11. හරිිආසාවෙන් කියවන් ගියා. මේ කවියෙ අර්ථය නම් මං දැනගෙන හිටියෙ නෑ. Thankz lochi කියල දුන්නට. ඒ වගේම හරිම ලස්සනයි....❤️❤️❤️🌸

    ReplyDelete
  12. Hithak thulata ringa e thula thiyena deyakata watinakamak dennata nohekiya hemotama...,eth oba apuruya amathana heti manasata...,

    ReplyDelete
  13. Hithak thulata ringa e thula thiyena deyakata watinakamak dennata nohekiya hemotama...,eth oba apuruya amathana heti manasata...,

    ReplyDelete
  14. Replies
    1. ස්තුතියි අයියෙ 🙏🏻❤️

      Delete

Post a Comment

Popular posts from this blog

පද වැලක නුවණැස - දෙවන දිගහැරුම

පද වැලක නුවණැස - පස්වන දිගහැරුම