පද වැලක නුවණැස - පළමු දිගහැරුම
“පුංචි බලු රාළේ - මා ගෙදර නැති වේලේ
කවුද මගෙ බෝලේ - පෙරළ පෙරළා හිටියෙ මිදුලේ”
පොඩි කාලෙ නුඹ වගේ ම මමත් මම වගේ ම නුඹත් අපි හැමෝ ම මේ පද හතර කිය කියා ගේ දෙක වෙන්න කෑ ගහල ඇති. එදා තමන් ගෙදර නැති වෙලේක තමන්ගෙ බෝලෙත් අරගෙන මිදුලෙ නටපු පුංචි බලු රාළට අපි මේ පද හතර ආමන්ත්‍රණය කරන්නට ඇති.
ඒත් අද! නුඹ මේ පද හතර දකින්නෙ මොන කෝණෙන් ද? නුඹ මේ පද හතරට දෙන්නෙ මොන වගේ වටිනාකමක් ද? කවද ම හරි මේ විදියටත් හිතල තියනවද? නුඹේ වටිනා වෙලාවෙන් අරික්කාලක් වෙන් කරල කියවල බලන්න...
‘ස්වාමිපුරුෂයා’ සහ ‘භාර්යාව’; හුදු අර්ථහීන වචන දෙකක් පමණක් ම නම් නෙවෙයි. සංස්කෘතියට මහා වටිනාකමක් ආරෝපණය කරල තියන ආසියාකරයේ, විවාහය කියන්නෙ කටු ගාන්න පුළුවන් ලියවිල්ලකට සීමා නොවූ, ඕනම කෙනෙක්ගෙ ජීවිතේ තවත් එක වැදගත් සංධිස්ථානයක්. මේ විදියට විවාහ ජීවිතේ ගත කරන පවුලක, දවසක් පුංචි සාදයක් සංවිධානය කරනවා; ඒ... ස්වාමිපුරුෂයාගේ මිතුරු කැළ වෙත. ස්වාමිපුරුෂයාටත් වැඩි වෙනසක් දැනෙන්නෙ නෑ... තමන්ට වඩා ටිකක් වයසින් බාල, තමන් ළගින් ම ඉන්න මිතුරෙක්, භාර්යාවට ටිකක් සමීප වෙනවා. සංස්කෘතිය, සම්ප්රදාය, විවාහය කියන මේ වචන කොයි තරම් නිසංසල වුණත් මිනිස් හිත හරි චංචලයි. ඒක තමයි ලෝක සත්‍යය!
කාලය ඔහොම ඉගිලෙනවා. ටික දවසකට පස්සෙ උදා වෙච්චි එක්තරා දවසක, ස්වාමිපුරුෂයා රැකියාවට ගිහින් එනවා. ගෙදරට අඩිය තියද්දි ම, ඔහුට පොඩි අමුත්තක් නොදැනුනාමත් නෙවෙයි. වෙනද තමන් එන වෙලාවට බුලත් හෙප්පුවත් අරගෙන ම තමන්ව පිළිගන්න එන බිරිදට අද මහා ලොකු හිසේ රුදාවක්. බෙහෙත් ගන්න ඇහුවම ඒ ඕනෙත් නෑලු! ටිකක් ළං වෙලා නළලට අත තියන්න යද්දි, ස්වාමිපුරුෂයා දකිනවා, බිරිදගෙ ගෙල වටා තැනින් තැන රත් පැහැ ගැන්විලා. තවත් තැන්වල නිය පහරවල්. මේ ඉවසිලිවන්ත ස්වාමිපුරුෂයා වෙනසක් නොපෙන්වා ම, බිරිදට බෙහෙත් පෙති දෙකකින් සංග්‍රහ කරල, ඇගේ දුරකතනයත් අරගෙනම ටිකක් ඈතට යනවා, ඈට නොදැනෙන විලසට. ඔහු දකිනවා අන්තිම ඇමතුම් හය ම තමන්ගෙ පෙර කී මිතුරගෙන් බව. සිද්ධ වුණු දේ නොතේරෙන්න තරම් අන්ධයෙක්, ගොළුවෙක්, බිහිරෙක් නෙවෙයිනෙ මොහු! ඒ වුණත්, මොහු දන්නවා මේ රාමුගත සම්ප්‍රදායන්ට හිරවුණු සමාජය ඇතුළෙ, තැලි තියල රජ ඇඳුම් ඇදල පෝරුවෙ නැගලා, මඟුල් කඩදාසියකුත් මුළු ලෝකෙටම පේන්න අත්සන් කළාට පස්සෙ, ඒ කඩදාසිය කටු ගාන එක හිතන තරම් ලේසි නැති වග.
ඉතිං මේ අපූරු ස්වාමිපුරුෂයා මොකද දන්නවද කරන්නේ? “බල්ලෝ... මම රාස්සාවට ගිය ටිකට උඹ මගෙ ගෑනිත් එක්ක මොන නාඩගමක් ද නැටුවේ? බැඳපු ගෑනියෙකුගෙ ගෙමිදුලට ගොඩ වදිනව නොදකියි ද රටේ උන්?” කියන ප්‍රශ්නෙ තමන්ගෙ මිතුරට ඇමතුමක් අරගෙන මෙන්න මේ විදියට ප්‍රශ්න නගනවා;
“පුංචි බලු රාළේ - මා ගෙදර නැති වේලේ
කවුද මගෙ බෝලේ - පෙරළ පෙරළා හිටියෙ මිදුලේ”
-ප්‍රමූ🤍
ඩී.ජී. ලෝචනා ප්‍රමුදි
පළවෙනි නිර්මාණය මේම ලස්සන නම් ඉස්සරහට තව කොච්චර ලස්සන නිර්මාණ අපට කියවන්න ලැබෙයිද කෙල්ල🤩හරිම ලස්සනයි..ඒ වචන👌👌 තවත් මේම ලස්සනට ලියන්න ලැබෙන්න ඕන ඔයාට🙏❤️😍😘
ReplyDeleteස්තූතියි 🙏🏻❤️
DeleteMarama lssnai lotto me wge adhs khoma enwd mtnm hitgnn ba ❤️❤️💕💕issrht thw thwth me wge lssna nirmana krnn lbenn kiyl mn wish krnw 😚😚issrhtm yn kella💞💞😘😘😋😋
Deleteස්තූතියි 🙏🏻❤️
Deleteස්තූතියි 🙏🏻❤️
Deleteස්තූතියි 🙏🏻❤️
Deleteස්තූතියි 🙏🏻❤️
Delete😍😍😍
ReplyDelete🙏🏻❤️
Deleteමාරම ලස්සනයි Lotto😍😍😍
ReplyDeleteස්තූතියි🙏🏻❤️
Delete🥺❤️🌹
ReplyDelete🙏🏻❤️
DeleteWelldone lotto😍😍😘♥️
ReplyDeleteThank you Bope🙏🏻❤️
DeleteThis comment has been removed by the author.
ReplyDeleteස්තූතියි🙏🏻❤️
DeleteSupiri lotto💪❤.isaarahatath me wge lassan nirmana karann oyat puluwn wenn kiyala mn hadawathinm prarthana karanawa.💕
ReplyDeleteස්තුතියි🙏🏻❤️
DeleteEka aththatama hithata wadina aththak.❤️
ReplyDeleteස්තුතියි🙏🏻❤️
Deleteකියන්න වචන නෑ ලෝටා... ඔයා අයේ ඇවිත් අනාගත brand එකක්. Legend කෙනෙක්.. 💕💫🍃
ReplyDeleteචරී... ස්තූතියි කෙල්ල🥺🙏🏻❤️
Deleteලේඛකයකු බිහිවන්නේ කලාතුරකින්! ලේඛකයා කලාකාරයකු වන්නේ තවත් කලාතුරකින්!
ReplyDeleteකලාකාමී රසකාමී කලාකරුවෙක් ලේඛකයකු වූ විට, ලෝ දනා හට රසමසවුළු ලැබුණා හා සමාන වේ.
ආදරණීය දුව,
ඔබේ ගමනට සුබාසිරි!
ලෝකයක් දිනන්නට ආශිර්වාදය ලැබේවා!
🙌🏻💫
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. මගේ ලොව මට හමු වූ ගුරු දේවයිනි, දිවි මග එකළු කරගැන්මට දිරියක්ය නුඹ මට නිබදවම... ස්තූතියි නුඹට! 🥺🙏🏻❤️
Deleteඑකම කවිය ජිවිතයෙ අවස්ථා දෙකකදි හරි අපුරැවට ගැලපුනා.හරි ආසවෙනි කියෙව්වා.ඒක මර ැ
ReplyDeleteස්තූතියි 🙏🏻❤️
Deleteසොදුරුය❤️ එදිරීවීර සරත්චන්ද්‍ර තම භාර්යාව ගිය කල කඩු කිනිසි ගෙන ගියේනම් අද සිංහබාහුත් නැත මනමේත් නැත, අනාගත සරත්චන්ද්‍ර දුවනියක වීමට සුබපැතුම් ලෝචනා ❤️
ReplyDeleteස්තූතියි නුඹට🙏🏻❤️
Deleteහරිිආසාවෙන් කියවන් ගියා. මේ කවියෙ අර්ථය නම් මං දැනගෙන හිටියෙ නෑ. Thankz lochi කියල දුන්නට. ඒ වගේම හරිම ලස්සනයි....❤️❤️❤️🌸
ReplyDeleteස්තුතියි🙏🏻❤️
DeleteHithak thulata ringa e thula thiyena deyakata watinakamak dennata nohekiya hemotama...,eth oba apuruya amathana heti manasata...,
ReplyDeleteස්තුතියි🙏🏻❤️
DeleteHithak thulata ringa e thula thiyena deyakata watinakamak dennata nohekiya hemotama...,eth oba apuruya amathana heti manasata...,
ReplyDeleteස්තුතියි🙏🏻❤️
DeleteLassnai Lochi❤️
ReplyDeleteස්තුතියි අයියෙ 🙏🏻❤️
Delete